අප ගැන
ශ්‍රී ලංකාවේ පළාත් සභා ස්ථාපනය කළ අවධියේ කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු එම්. ෂහීඩ් මහතා යටතේ බදුල්ලේ පිංඅරාව ප්‍රදේශයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) කාර්යාලය පිහිටුවනු ලැබීය. මෙම ආයතනය යටතේ පළාත් ගොඩනැගිලි දෙපාර්තමේන්තුව, පළාත් යාන්ත්‍රික දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ඉංජිනේරු (ගොඩනැගිලි) කාර්යාල (බදුල්ල, බණ්ඩාරවෙල, මොණරාගල, වැල්ලවාය හා බිබිල) සහ පළාත් තත්ත්ව රසායනාගාරය අනුබද්ධිත ආයතන වශයෙන් පාලනය වේ. ඌව පළාත් සභා බල ප්‍රදේශයට අයත් රජයේ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තුවලට අදාල ගොඩනැගිලි ඉදිකිරීම්, නඩත්තු කිරීම් හා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදු කිරීම අරමුණු කොටගත් ආයතනයකි.
දැක්ම
ඌව පළාතේ ජනතාවට වඩාත් ගුණාත්මක හා නව්‍යකරණය වූ ඉංජිනේරු සේවාවන්
මෙහෙවර
ඌව පළාත් සභා බල ප්‍රදේශයට අයත් අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු මඟින් ක්‍රියාත්මක කිරීමට යෝජිත මූලධන ඉදිකිරිම් කර්මාන්ත (ගොඩනැගිලි) ඉදිකිරීම්, ප්‍රතිසංස්කරණ හා නඩත්තු කටයුතු අදාල සේවායෝජකයාගේ අවශ්‍යතාවයට ගැලපෙන අයුරින් මනා තත්ව පාලනයකින් යුක්තව නියමිත කාල සීමාව හා මුදල් ප්‍රතිපාදන තුල ඉටු කිරීම.
BSR 2025
BSR 2025 1st Half
